ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මේ වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා දේශීය සිසුන් ගෙවීම් පදනමින් සහ උසස් පෙළ ‘ඉසෙඩ්’ ලකුණු සහ අනෙකුත් සුදුසුකම් මත පදනම්ව ඇතුළත් කර ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇත්තේ.
එම යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.