කොතලාවල වෛද්‍ය පීඨයට විදෙස් සිසුන්-කැඩෙට් නිලධාරීන් පමණයි – රජය තීරණය කරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට මෙම මැයි 21දා ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබෙන බව කී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්ති වල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *