කොත්මලේ රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණයට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ එක්වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර එම රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ශක්තිමත්ව අත්වැල් බැඳ ගෙන තිබිණි.

ඒ අනුව රෝහල් වාට්ටු සංකීර්ණය සහ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරමින් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පහසු පරිසරයක් සකස් කර දීමට මෙන්ම අනෙකුත් පහසුකම් නැංවීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යුහුසුළුව කටයුතු කරනු ලැබීය.

ප්‍රදේශයේ ජනතාවද ස්වේච්ඡාවෙන්ම මීට එක්ව සිටීම විශේෂත්වයක් වන අතර මෙම අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූවන්ගේ හදිසි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවම පහසුකම් යටතේ වුවද කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය සිදු කළ කැපවීම “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ ඇගයීමට ලක්වේ.

image 3 Iri News
image 4 Iri News
image 5 Iri News
image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *