කෝවිලේ කැඳ මුට්ටියට 03 හැවිරිදි දරුවෙක් ඇද වැටෙයි – බරපතල පිලිස්සුම් තුවාල ලබයි

යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේ හින්දු කෝවිලක බැතිමතුන්ට බෙදාදීම පිණිස පිළියෙළ කරමින් තිබූ විශාල කැඳ මුට්ටියකට වයස අවුරුදු තුනක කුඩා දරුවෙක් ඇද වැටී බරපතල පිළිස්සුම් තුවාල සහිත යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (05) දිනයේ මෙම අනතුර සිදුවී ඇත්තේ  එම දරුවා තවත් දරුවන් දෙදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිට කැඳ පිළියෙළ කරමින් තිබූ ස්ථානයට ගොස් සිටිය. එහිදී එක්වරම ඔහු කැද මුට්ටිය තුළටම ඇද වැටී ඇත. 

කැඳ පිළියෙළකරමින් සිටි පිරිස වහාම එම දරුවා කැඳ මුටියෙන් ඉවතට ගෙන චාවාකච්චේරී  රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර දරුවා විශාල පිළිස්සුම් තුවාල ලබා සිටි බැවින් ඔහුව යාපනය ශික්ෂණ  රෝහල වෙත මාරු කොට යවා ඇත.

දරුවා කැඳ මුට්ටිය තුළට වැටෙන අවස්ථාවේදී දරුවාගේ මව හා ඥාතීන් කීප දෙනෙකුද දරුවා අසලම සිට ඇත.

කෝවිලේ පැවති විශේෂ පූජාවකට සහභාගී වූ බැතිමතුන්ට බෙදා දීම පිණිස මෙම කැඳ සකස්  කරමින් තිබී ඇති අතර කැඳ මුට්ටියට දරුවා වැටීමෙන්   විශේෂ පුජාවද කල් දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *