කුලසේකරව ගේන්න කාලේ හරි – ලසිත් මාලිංග

හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පුහුණුකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම සමග එක්කරගැනීමට කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

සිය නිල x ගිණුමේ සටහනක් තබමින් මාලිංග මේ බව සඳහන් කර තිබේ.‍

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට සුභපැතුම් එක්කරමින් එම සටහනේ මාලිංග වැඩිදුරටත් සඳහන් කරන්නේ නුවන් කුලසේකර, ප්‍රභාත් නිශ්ශංක වැනි හිටපු ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස ජාතික තලයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බවයි.

තමන් පසුගිය වසර කිහිපය තුළදී ඔවුන් සමග පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇති බවත් එහිදී ඔවුන්ගේ දක්ෂතා සහ ප්‍රවීණත්වය දුටු බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.

image Iri News
image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *