ජනාධිපතිවරණයට හොඳම සුදුස්සා මම – කුමාර වෙල්ගම

ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා.

ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ.

ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන.

මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *