කුසල් මෙන්ඩිස්ගේ වීසා ප්‍රතික්ෂේප නොකරයි – තව දින 03ක් ඉන්න වෙයි

කොළඹ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දිනක් හෝ දින දෙකක් ඇතුළත් ඔහුගේ වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

වීසා නිකුත් කිරීම සදහා කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකියවිලි කිහිපයක් බළධාරීන් විසින් ඉල්ලා ඇති බවත්, එම ලියකියවිලි ලබා දීමෙන් පසුව අවශ්‍ය වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියා.

එමෙන්ම ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග සදහා ද කුසල් මෙන්ඩිස්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවයි ඈෂ්ලි ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *