කොළඹ ඉඩම් මිල වේගයෙන් ඉහළට

press 20240830 land valuation index first half of 2024 s 1A Iri News

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී.

මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී.

අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේ දී, 2023 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇත.

තවද, වාණිජ සහ නේවාසික අනු දර්ශක වලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය විය.

press 20240830 land valuation index first half of 2024 s 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *