රනිල් විකුණන්න හැදූ ත්‍රිපෝෂ සමාගම ලක්ෂ 1000ක ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දෙයි

පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් කර ඇතැයි වාර්තා වූ ලංකා ත්‍රිපෝෂ සමාගම (Lanka Thriposha Ltd.) රජයට අති විශාල ලාභාංශ මුදලක් පිරිනමමින් අද (දෙසැම්බර් 10) දින ඉතිහාසගත පියවරක් තැබීය.

ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් රුපියල් මිලියන 100ක් (ලක්ෂ 1,000ක්) වන ලාභාංශ මුදල අද දින මුදල් අමාත්‍යාංශයේදී මහා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා විසින් මෙම ලාභාංශ මුදල මුදල් අමාත්‍යාංශයේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත මහතා වෙත පිරි නමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *