මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි – බන්ධනාගාර ​කොමසාරිස් කියයි

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් එල්ලා මැරිය යුතු බව බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජගත් වීර­සිංහ මහතා පැව­සීය. බන්ධ­නා­ගාර කොම­සා­රි­ස්ව­රයා ඒ බැව් කියා සිටියේ “නොයා යුතු තැන” දේශන මාලාවේ 435 වැනි වැඩ­ස­ට­හ­නට එක්වෙ­මිනි.

1 40 Iri News

නාව­ල­පි­ටිය, කොත්මලේ සිංහ සමා­ජය හා නාව­ල­පි­ටිය පොලී­සියේ සංවි­ධා­න­යෙන් නාව­ල­පි­ටිය ප්‍රදේ­ශයේ පාසල් 5ක සිසු දරු දැරි­යන් 500කට නාව­ල­පි­ටිය නග­ර­යේදී මේ වැඩ­ස­ට­හන පැවැ­ත්විණි.

“ලංකාවේ බන්ධ­නා­ගාර 36යි. ඒ තුළ දැමිය හැකි උප­රිම සිර­ක­රු­වන් හා සැක­ක­රු­වන් ප්‍රමා­ණය 10500යි. නමුත් අද වන­විට මේ බන්ධ­නා­ගාර 36හිම 36000කට වැඩි ප්‍රමා­ණ­යක් සිටි­නවා. ඉන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැර­දි­ව­ලට බන්ධ­නා­ගාර ගත වූ අයයි. මත්ද්‍රව්‍ය ලබා ගන්නා අය­ගෙන් බහු­ත­ර­යක් සිංහල බෞද්ධ ළමයි. ඒ නිසා මට වුව­ම­නා­වක් තිබුණා බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට ඇවිත් මහ­ජ­න­තාව මේ පිළි­බ­ඳව දැනු­ම්වත් කරන්න. පාසල් දරු­වන් තමයි රටක අනා­ග­තය. ඔබ හරි­යට හැදු­ණොත් රට හැදෙයි නැත්නම් රට විනාශ වෙයි. ඒ නිසයි නොයා යුතු තැන කියන සංක­ල්පය මත මේ දේශන මාලාව කරන්නේ”යැයි ආරා­ධිත දේශ­නය කළ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජගත් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ දින­වල යම් මත්ද්‍ර­ව්‍ය­යක් පිළි­බඳ රටේ බොහෝ කතා­බ­හක් ඇති වී තිබෙ­නවා. නමුත් එය මත්ද්‍ර­ව්‍ය­යක් නොවෙයි. රසා­ය­නික ද්‍රව්‍ය කිහි­ප­යක එක­තු­වක්. මේවා භාවිත කළොත් අවු­රුදු දෙකක් යන විට සම්පූ­ර්ණ­යෙන්ම ශරී­රය විනාශ වෙනවා. මේ මත්ද්‍රව්‍ය එත­රම් විනා­ශ­කා­රියි. මේ මත්ද්‍රව්‍ය, පර­පු­රක් විනාශ කරන නිසා මේ සභාවේ දේශ­පා­ලන අධි­කා­රිය රැඳී සිටින නිසාත් ඔබ ගිහින් අනුර කුමාර ජනා­ධි­ප­තිට කියන්න මේ රටේ මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් එල්ලා මැරිය යුතු­මයි කියා බන්ධ­නා­ගාර කොම­සා­රිස් කිව්වා කියලා. ඔවුන් විනාශ කරන්නේ ජාති­යක්. ඔවුන් විනාශ කරන්නේ වැඩි­යෙන්ම සිංහල බෞද්ධ ජාතිය. ඒ නිසා මං හිත­නවා මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­රයෝ එල්ලා මැරිය යුතු­මයි කියලා.”

“එසේම පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව හා ආර­ක්ෂක අංශ මේ දින­වල කරන වැට­ලී­ම්ව­ලදී වැඩි වශ­යෙන් මත්ද්‍රව්‍ය හමු­වන්නේ දකුණු පළා­තෙන්. මේ සිදු කරන වැට­ලී­ම්වල ප්‍රති­ඵ­ල­යක්” බන්ධ­නා­ගා­ර­ග­ත­වන පිරිස 36000 සිට 40000 දක්වා ඉහළ යා හැකි බවත්, එසේ වැඩි­වීම බන්ධ­නා­ගා­ර­ව­ලට දරා­ගත නොහැකි වෙන හෙයින් සිර­ක­රු­වන් හා සැක­ක­රු­වන් රඳවා තැබී­මේදී සිර කුටි­වල ඔවුන්ට අඩුම තරමේ වාඩි වී සිටී­ම­ට­වත් පහ­සු­කම් සැප­යී­මට නොහැකි වන බවත්,ඒ නිසා­වෙන් සිර­ක­රු­වකු හෝ සැක­ක­රු­වකු ලෙස කිසිම විටක නොයා යුතු තැනක් ලෙස බන්ධ­නා­ගා­රය තම සිහියේ තබා­ගත යුතු බව;a වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

මෙයට සම­ගා­මීව මනෝ විද්‍යා උප­දේ­ශක මහා­චාර්ය ප්‍රියං­ගනී රාජ­පක්ෂ මහ­ත්මිය විසින් පාසල් ළම­යින් යහ­පත් මාන­සික සංව­ර්ධ­නය පව­ත්වා­ගෙන යෑම පිළි­බඳ දේශ­න­යක් ද පැවැ­ත්වීය.

ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එරික් පෙරේරා, නාව­ල­පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති හරේන්ද්‍ර කළු­ග­ම්පි­ටිය, නාව­ල­පි­ටිය නග­රා­ධි­පති අමල් ප්‍රියං­කර, පසු­බාගේ ප්‍රාදේ­ශීය සභා සභා­පති මංජුල මහ­ත්ව­රුන් ඇතුළු සම්භා­ව­නීය අමුත්තෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ. සිංහ සමා­ජය වෙනු­වෙන් කොත්මලේ සහ නාව­ල­පි­ටිය සිංහ සමා­ජයේ නාමල් අම­ර­සිංහ මහතා මේ ව්‍යාපෘ­තිය සම්බ­න්ධී­ක­ර­ණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *