සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇතැයි මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ අනුව ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇතැයි ද කී ඇමැතිවරයා කාලයේ වැලිතලාවට යට වූ එම සිද්ධි පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බව ද හෙතම කියා සිටියේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වනවිට විභාග කරන බවත් එහි සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බි්රගේඩියර්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.