ලසන්තගේ බිරිඳට ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්

ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස පත්කිරීමට රජය තීරණය කර ඇත.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් මෙම තීරණය ගනු ලැබ ඇති අතර පත්වීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

තම සැමියාගේ ඝාතනයෙන් පසුව ජීවිත තර්ජන මත ලංකාව හැර ගිය සොනාලි සමරසිංහ මහත්මිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිනියක ලෙසින්ද සේවය කළාය.

ස්වයං පිටුවහලේ සිටිමින්ද ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි ඇය දිගින් දිගටම යුක්තිය වෙනුවෙන් සටන් කළාය.

ඇය විමර්ශනාත්මක ජනමාධ්‍යවේදිනියක මෙන්ම නීතිඥවරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *