මාස 05ක් තුළ රටවිරුවන්ගෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 03 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී ඇත.

ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,624.4 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් වේ.

මේ අතර 2025 මැයි මාසය තුළ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1 ක් ලෙසින් වාර්තා වේ. ඒ අනුව 2025 මුල් මාස 05 තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1,543.1 ක් ලෙසින් සටහන් වන අතර එය 2024 මුල් මාස 05 වාර්තා වුණු ඩොලර් මිලියන 1,405.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8% ක ඉහළ යාමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *