2025 වසර තුළ විදේශීය සංචාරකයන් මිලියන 2.3 ක් ලංකාවට පැමිණ තිබෙන අතර, එසේ පැමිණි සංචාරකයන්ගෙන් පන් ලක්ෂ තිස් එක් දහසක් ඉන්දියානුවන් බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව, 2025 වසරේ දී, වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දියානුවකු සිය සංචාරය අතරතුර ආහාර, ප්රවාහන, නවාතැන් සහ අනෙක-ුත් ගනුදෙනු වෙනුවෙන් ඩොලර් ඩොලර් 900 ත් 1100 ත් අතර මුදලක් වැය කරන බව පැවසේ.
ඒ අනුව, 2025 වසරේ දී ඉන්දියානු සංචාරකයන්ගෙන් ලංකාව උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 480 ත් 580 ත් අතර අගයක් ගනී.