රට අපට භාර දීලා යන්න – විමල් වීරවංශ ආණ්ඩුවට කියයි

ආණ්ඩුව දිනෙන් දින අසාර්ථකත්වයේ පතුලට ගමන් කරමින් සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

දිත්වා සුළි කුණාටුවෙන් පසුව විදෙස් මාධ්‍ය ආයතනයට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශක්ද හිටපු අමාත්‍ය විමල් වීරවංශ දැඩිව හෙලා දුටුවේ ය.

එහි දී ජනාධිපතිවරයා පවසා තිබුණේ, “අර්බුදය අපගේ පාලනයෙන් ඔබ්බට ගොස් ඇති බවත්, එය පාලනය කිරීමේ හැකියාව අපට නොමැති” බවත් ය.

ඊට අමතරව, ආපදා තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වගකීම ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද ඇති බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු සිදු කර තිබෙන ප්‍රකාශ ද විමල්ගේ විවේචනයට ලක් විය.

ආපදාව පිළිබදව දැනුම් දීම විපක්ෂයේ වගකීමක් යැයි ආණ්ඩුව සිතන්නේ නම්, රට තමන්ට බාර දී ආණ්ඩුව ඉවත් විය යුතු බව ඔහු පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *