නිතීමය පියවර ගන්න කෝපා කමිටුවට බලය දෙන යෝජනාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ)වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිවරයාට යොමු කිරීම සඳහා එම කමිටුවේ බලතල වැඩි කිරීම සඳහා වන යෝජනාවක් අද දින (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කමිටුවේ බලතල වැඩි කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව ස්ථිර කරන ලද්දේ ජනක සේනාරත්න මන්ත්‍රීවරයා විසින්.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතළ මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් සෘජුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කිරීම සඳහා මෙමගින් බලතල ඉල්ලා තිබෙනවා.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කාරක සභාව වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් කටයුතු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *