ඩොලරය තවත් පහළට යයි – රුපියල් තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර සතියට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 308.19 ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 308.31ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317.82ක් ලෙස වාර්තා වූ අතර පසුගිය සිකුරාදා එම අගය සටහන් වූයේ 318.23ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *