නිවාස ණය පොලියත් කැපී පෙනෙන ලෙස පහළ යයි

මේ වන විට වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ යාම හමුවේ, නිවාස ණය සඳහා බලපැවැත්වෙන පොලී අනුපාතිකයන් හි කැපීපනෙන පහළ යාමක් ද වාර්තා වේ.

නිවාස ණය පහසුකම් සැලසීම වෙනුවෙන් දිවයිනේ ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය වෙබ් අඩවිය හරහා අනාවරණය කර සිටින්නේ සිය නිවාස ණය යෝජනා ක්‍රමා සඳහා බලපවත්නා පොලී අනුපාතික 15% මට්ටමේ සිට ආරම්භ වන බවයි.

මේ අතර ලංකා බැංකුවේ නිවාස ණය පොලිය 15.5% ක ස්ථාවර පොලී අනුපාතිකයක මට්ටමේ සිට ආරම්භ කෙරෙන අතර පුද්ගලික අංශයේ බැංකු ගත්කල, සම්පත් බැංකුව පවසන්නේ 13.50% ක පාවෙන පොලී අනුපාතික මට්ටමක සිට සිය නිවාස ණය යෝජනා ක්‍රම ඇරඹෙන බවයි. සෙලාන් බැංකුවේ නිවාස ණය යෝජනා ක්‍රම සඳහා අදාළ පොලී අනුපාතිකයන් 13% සිට ආරම්භ වෙන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

කෙසේවෙතත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ණය පොලී අනුපාතික සාපේක්ෂව පහළ ගිය ද ණය ඉල්ලුම සතුටුදායක ලෙසකින් ‍මෙතෙක් වර්ධනය වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *