වෙළදපොළේ දේශීය බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩු මට්ටමක පවතින්නේ නම් බිත්තර ආනයනය සිදු නොකරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
පසුගිය කාලසීමාවේ බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබුණේ පාරිභෝගිකයින් දැඩි අසීරුතාවට පත් කරමින්.
එහිදී රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ අතර එම බිත්තර මේ වන විට අලෙවි වන්නේ රුපියල් 43කටයි.
කෙසේ වෙතත් මේ වන විට දේශීය බිත්තරයක මිලද රුපියල් 40 දක්වා පහත වැටී ඇත්තේ බිත්තර ආනයනය කිරීම හේතුවෙන්. එහෙත් මිල ඉහළ ගියහොත් යළි බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කළේ.
මේ අතර උත්සව සමයේදී සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කර ඇති බවට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ සභාපති යූ කේ සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් චෝදනා කළේ සෑම වසරකම මාස් කන්නයේ සහ යල කන්නයේ වී තොග මෝල් හිමියන් අඩු මිලට ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
එවන් පසුබිමක ආනයනික සහල් සදහා පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.
ඒ අනුව, ලබන මස 3 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක් සදහා රුපියල් 65 ක් ලෙස පැවති බද්ද රුපියල දක්වා පහත දැමුණා.
එමෙන්ම, රෝස ලුනූ කිලෝවක් සදහා වූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ද රුපියල් 70 සිට රුපියල් 10 දක්වා අඩු කිරීමටද ඊයේ (27) පියවර ගත්තා.