කොළඹ, අලුත්කඩේ, ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට කඩා වැදුණු පිරිසක් හේතුවෙන් එහි ගැටුමක් ඇතිවී තිබෙනවා. වාර්තාවන අන්දමට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු යි එලෙස එම වත්තට ඇතුල්වී ඇත්තේ. ඔවුන් සිව්දෙනාම සිවිල් ඇඳුමින් සැරසී අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට පසුගිය දා අලුයම පැමිණ තිබූ අතර එහිදී තරුණයින් දෙදෙනෙකු එම නිලධාරීන්ට පහරදී තිබෙනවා.
පසුව එම සිවිල් පොලිස් නිලධාරීන් පෙරලා පහර දී ඇති අතර සෙසු ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ බවයි කියන්නේ.
එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40කට ආසන්න පිරිසක් යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ලොකට් ලේන් වත්තට පැමිණ තමන්ට පහර දී දේපොළවලටද හානි කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කර තිබෙනවා.