දුර ගමන් බස්වල මගීන්ට වැඩි මිලට කෑම විකුණන කඩ ඇල්ලීමට පියවර

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලිමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, අදාළ ආපනශාලාවන් හි ආහාර පාන සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන බවයි.

අදාළ ආපන ශාලාවන් හි වැසිකිළි කැසිකිළි පහසුකම් ද අපිරිසිදු බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන්. උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම්වලට සමගාමීව එවැනි ආපන ශාලාවන් පරික්ෂා කර ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂවරයා සඳහන් කරණවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *