QR සහ ඔත්තේ – ඉරට්ටේ හඳුන්වාදීමත් සමග තෙල් පෝලිම අඩු වෙයි

වාහනවලට ඉන්ධන ලබාදීමට රජය මගින් QR සහ ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග දිගු ඉන්ධන පෝලිම් ඊයේ (19දා) විශාල ලෙස අඩු වී තිබූ බව ඛනිජතෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

ඊයේ ඉන්ධන රැගත් නැවක් රටට පැමිණි බවත් ඉදිරි දිනවල පැමිණීම තහවුරු කර ඇති ඉන්ධන තොග සමග මැයි මාසය අවසන් වනතෙක් ඉන්ධන සැපයුම සිදුකළ හැකි බවත් හෙතෙම කීය.
QR කේතය සහ වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ හෝ ඉරට්ටේ නම් මාසික කැලැන්ඩරයට අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි බවට ඊයේ සිට හඳුන්වා දුන් බවත් ඒ සමග ඇතැම් ප්‍රදේශවලින් ඉන්ධන පෝලිම් නොමැති තත්ත්වයන් ද දක්නට ලැබුණු බවත් නෙත්තිකුමාර මහතා පැවසීය.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරටට ඉන්ධන සැපයීම් ප්‍රමාද වීමෙන් පවතින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කිරීමට QR කේතය සහ ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය හඳුන්වා දුන් බව කී ඒ මහතා වාහනවල හිමිකාරත්වය මෙතෙක් පවරාගෙන නොසිටි අයට ද QR ක්‍රමවේදය සකස් කරදීම බොහෝදුරට අවසන් කර තිබෙන බවද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *