ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා, රජය විසින් කටාර් රාජ්‍යයෙන් රජයෙන් රජයට ගිවිසුමක් යටතේ LNG (ද්‍රව ස්වභාවික වායු) ඇතුළු පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීමට ඉක්මන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති D.A. රාජකරුණා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙන්නේ, පෙර කටාර් පෙට්‍රෝලියම් ලෙස හඳුන්වනු ලැබූ කටාර් එනර්ජි සමඟ මෙවැනි නිෂ්පාදන අඩු මිලට ආනයනය කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා සාකච්ඡා දෙකක් පවත්වා ඇති බවයි.
කටාර් එනර්ජි යනු රාජ්‍ය හිමිකාරී සමාගමක් වන බැවින්, එවැනි ගිවිසුමක් යටතේ බලශක්ති මිලදී ගැනීම කළ හැකි බව ඔහු පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සමඟ සමාන සැලසුම් ගැන විමසූ විට, ඔහු කියා සිටියේ, “එම රටේ, පෞද්ගලික සමාගම් පමණක් එම ක්‍රියාවලිය හසුරුවන බවයි.
දැනට, ශ්‍රී ලංකාව සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමෙන් පසු විවෘත වෙළඳපොළෙන් ඉන්ධන මිලදී ගනී.
මීට අමතරව, රජය ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපනය කිරීමට සැලසුම් කරමින් සිටී.
දැනට ඉන්ධන පිරවුම්හල් 1,300ක් පමණ ක්‍රියාත්මක වන බවත්, ඒවායින් බහුතරයක් සැලසුම් විරහිතව ස්ථාපනය කර ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.
“සෑම හන්දියකම ඉන්ධන පිරවුම්හලක් තිබෙනවා. ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය විසින් සකස් කරන විද්‍යාත්මක සැලැස්මකට අනුව නව ඒවා ස්ථාපනය කරනු ඇත,” ඔහු පැවසීය