විදේශ රැකියාවලට යන අයට ලොව ඕනෑම රටකට අඩුම මිලට යන්න ටිකට් ලබා දීම රජය අරඹයි

විදේශ රැකියා සඳහා පිටත්ව යන විග­ම­ණික ශ්‍රමි­ක­යන් වෙනු­වෙන් සහ­න­දායී මිලට ගුවන් ටික­ට්පත් ලබා­දී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව රජයේ නව වැඩ­පි­ළි­වෙ­ළට අනුව සහ­න­දායී මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවු­ළු­වක් විදේශ කට­යුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේම­චන්ද්‍ර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නාවල පාර, නාරා­හේ­න්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආය­ත­න­යේදී ඊයේ (16) විවෘත කෙරිණි.

මෙහිදී සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ පව­තින මිලට වඩා අඩු මිලට ගුවන් ටික­ට්පත් නිකුත් කිරීම සිදු කරන අතර, ලොව ඕනෑම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමි­ක­යන්ට මෙහිදී අඩු මිලට ගුවන් ටික­ට්පත් මිලදී ගත හැකිය. මේ අව­ස්ථා­වට විදේශ රැකියා අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් ආචාර්ය බී. එස්. යාලේ­ගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආය­ත­නයේ සභා­පති ලාල් හෙට්ටි­ආ­රච්චි, කාර්යාං­ශයේ සාමා­න්‍යා­ධි­කාරි ඩී. ඩී. පී. සේනා­නා­යක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආය­ත­නයේ සාමා­න්‍යා­ධි­කාරි ප්‍රසාද් ගල­ප්පත්ති මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් එක්වී සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *