මාධවී ඇන්තනී කියන මේ චරිතය වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.
ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්.
ඒ සියලු හැකියාවන් එක්ක ඇය කලාව තුළ අද වෙද්දි ලස්සන ගමන් මගකට අවතීර්ණ වෙලා.
ඕනෑම කෙනෙක් දන්නවා මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.
හැබැයි අද වෙද්දි ඇය ජීවිතයට හොඳම තේරීමක් තෝරගෙන.
ඔහු තමයි දක්ෂ ගී පද රචකයෙක් විදිහට වැඩ කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.
ඉතින් මේ දෙන්නම අද වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් එක්ක කලා කටයුතු රැසක නිරත වෙනවා.
මේ දෙන්නා එකතු වෙන කාල සීමාවේදී බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට විරුද්ධව විවිධ දේවල් සමාජගත කළා.
කොහොම නමුත් ඔවුන් දෙදෙනා ඊයේ ජිවිතේ තවත් වැදගත් අඩියක් තබා තිබෙනවා.
මාධවී කලින් විවාහවෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?
“කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා. ජීවිතේ අවබෝධ කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ. මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා. මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි. මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!”
ඒ ඔවුන්ගේ විවාහය.




