2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබේ.
ඒ අනුව මීට පෙර පැවති රු. 7,500.00 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 10,000 දක්වා වැඩිකර ඇත. 2026 ජනවාරි මාසයට අදාල රු. 10,000 ක දීමනාව හෙට සිට (10) අදාල සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇත.