රෝගීන්ට නොමිලේ පෝෂාදායි ආහාර දෙන්න රජයේ රෝහලක ප්‍රථම මුළුතැන් කාමරය විවෘත කරයි

පිළිකාවට ගොදුරුව නේවාසිකව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉදිකල ප්‍රථම නවීන මුළුතැන් කාමරය විවෘත කෙරේ.

මෙම විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, රුහුණු මහා කතරගම දේවාලයේ අභිනව බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර, රෝහල් අධ්‍යක්ෂක අරුණ ජයතිස්ස, වෛද්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සහභාගීත්වයෙන් අද(06) සිදු විය.

කතරගම දේවාලයේ මුලිකත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40කට අධික මුදලක් වැය කර ඇත.

ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් ලබාදුන් ශ්‍රම දායකත්වය, මෙම මහඟු මෙහෙවරට අගනා ශක්තියක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *