හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙකු ඊයේ (23) කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හොරපාවිට බමුණුගම කිරිවැල ප්රදේශයේ පදිංචි සැකකරු රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී රෝහලකින් ප්රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.