වරප්‍රසාද ඉවත් කරන පනත අනූව මහින්ද සිය වෙඩි නොවදින රථය රජයට බාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ  මනෝජ්  ගමගේ මහතා පැවසීය.

මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ  පාවිච්චියට  මේ වනවිට එකම  වාහනයක් හෝ නොමැත

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

එසේම  හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී  ගොස් අැත

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඹහු  පදිංචිව සිටි කොළඹ  විජේරාම මාවතේ රජයේ  බංගලාෙවන් පසුගිය 11 වැනිදා   තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *