මහින්දගේ ජිවීත කතාව ගැන පොතකුත් ලියැවෙනවා – නාමල් කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව ඇසුරින් සිනමා පටයක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තාවේ.

‘Thawthisa Pictures’ වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන මෙම සිනමා පටයේ වැඩකටයුතු සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක්, කෙටි චිත්‍රපටයක් මෙන්ම ග්‍රන්ථයක්ද රචනා කිරීමට සැලසුම් කර ඇති බවයි.

මාධ්‍යවේදියා – මොකක්ද ඔබතුමාගේ අදහස මේ ගැන?

“ඒකෙ ඉතින් මගේ අදහස නෙමෙයි, මහින්ද මහත්තයාගේ ජීවිත කතාව තමයි තියෙන්නේ”

මාධ්‍යවේදියා – ඔබතුමාටත් චරිතයක් තියෙනවද චිත්‍රපටියේ?

“රඟපාන්න කැමති කෙනෙක් ඉන්නවානම් දාන්න පුළුවන්. හැබැයි ඒ ජීවිත කතාවෙ මගේ තියෙන්නේ පොඩි කාලේ කෑලි ටික”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *