ශිරන්තිව අත්අඩංගුවට ගැනීම වලක්වන්න මහින්ද මහා නායක හිමියන්ගේ ඉල්ලූ ඉල්ලීම ව්‍යාජ පුවතක් – නාමල් කියයි

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගු-වට ගැනීමේ සූදානමක් පවතින බවත්, වහා මැදිහත් වී එය වළක්වන ලෙසත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මල්වතු අස්ගිරි මහනාහිමියන්ගෙන් ඉල්ලා ඇති බවට වන ප්‍රවෘත්තියක් ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙයි. 

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කර තිබුනේ, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසිනි. 

කෙසේ වෙතත්, මෙම ප්‍රවෘතියේ කිසිදු සත්‍යතාවයක් නැතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. 

බලයට පත්ව පළමු වසර සම්පූර්ණ කිරීමට නියමිත නව රජය, ජනතාවට දුන් පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා, මෙවැනි ව්‍යාජ පුවත් පතුරුවා හරින බව නාමල් රාජපක්ෂ පවසයි. 

අළුතින්ම පතුරුවා හැර තිබෙන මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් නොව, මහනායකහිමියන්ටද කරන ලද අපහාසයක් බව නාමල් වැඩිදුරටත් පවසයි.

තමන් සහ තම පවුලේ සෙසු සාමාජිකයන් විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකර, සෑම නීති කෘත්‍යයකටම නොබියව මුහුණ දී ඇති බව පවසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ව්‍යාජ ප්‍රවෘත්ති මවා ජනතාව නොමග නොයවා, රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට කාලය පැමිණ තිබෙන බව සිහිපත් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *