මහින්ද රෝහල්ගත කර බවට පලවන වාර්තා අසත්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි සමාජ ජාලවල වාර්තා පල වෙයි.

නමුත් එම වාර්තා අසත්‍ය බවත් ඒ මහතා නිල නිවසේ සිටිනා බවත් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයන් හේතුවෙන් මෑත කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා විටින් විට අවස්ථා කිහිපයකදීම රෝහල් ගත කර තිබිණි.

ඔහුගේ දණහිස් ආශ‍්‍රිතව මෑතකදී ශල්‍ය කර්මයක් සිදු කිරීමක්ද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *