පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර අද රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වනු ඇති බවය.
එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තාවෙයි.