හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමට මෙන්ම ඔහුගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ස්වාමීන්වහන්සේ නමක් විසින් උපවාසයක් ආරම්භකර තිබෙනවා.
මෙසේ උපවාසයක් ආරම්භකර ඇත්තේ රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් විසින්.
සිරිදම්ම හිමියන් ඊයේ (08) දහවල් මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේදීයි.