පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ බලය මහින්දට පවරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරිමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවරීමට දේශපාලන මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පැවැත්වුණා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද සහභාගිවී ඇති අතර, එය පැයක පමණ කාලයක් පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *