මහි­යං­ග­ණයේ පිහිටි ලංකාවේ විශාලතම ටයිල් කර්මාන්ත ශාලා­වට යළි පණ දෙයි

මහි­යං­ග­ණය නගර සීමාවේ පිහිටි ශ්‍රී ලංකාවේ දැවැ­න්තම උළු කර්මාන්ත ශාලාව, රාජ්‍ය-පෞද්ග­ලික ආයෝ­ජ­න­යක් මඟින් නැවත කාර්ය­ක්ෂම කර්මාන්ත ශාලා­වක් බවට පත් කෙරෙන බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය.

කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට අයත් ලංකා පිඟන් සංස්ථාව යටතේ ක්‍රියා­ත්මක වන මේ ශ්‍රී ලංකාවේ දැවැ­න්තම උළු කර්මාන්ත ශාලාවේ පසු­ගි­යදා (25) නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වෙ­මින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ අද­හස් පළ කළේය.

මහි­යං­ග­ණය නගර සීමාව තුළ අක්කර 95ක පමණ භූමි ප්‍රදේ­ශ­යක් හිමි මෙම උළු කර්මාන්ත ශාලාව 1961 වර්ෂයේ ජර්මන් ආධාර යටතේ ඉදි­කර ඇති අතර, මෙහි සේව­ක­යන් 200ක් පමණ සේවය කර ඇත.

දැවැන්ත මැටි නිධි­යක් හිමි මෙය ශ්‍රී ලංකාවේ විශා­ල­තම ටයිල් කර්මාන්ත ආයෝ­ජ­න­යක් ලෙස සැලකේ.

1980 අව­ධියේ සිට මේ ආය­ත­නය අක­ර්මණ්‍ය වී තිබු­ණත් ලංකාවේ සෑම ප්‍රදේ­ශ­ය­ක­ටම අවශ්‍ය කරන උළු සපයා ඇත්තේ මෙම කර්මාන්ත ශාලාව මඟිනි.

වර්ත­මාන රජය බල­යට පත්ව­න­විට මේ කර්මාන්ත ශාලාව ඉතා­මත් අකා­ර්ය­ක්ෂම සහ අක­ර්මණ්‍ය තත්ත්ව­යක පැවති අතර, සේව­ක­යන්ගේ වැටුප් සහ අර්ථ­සා­ධක මුදල් ගෙවා ගැනී­ම­ටද නොහැකි තත්ත්ව­ය­කට වැටී තිබේ.

කෙසේ වුවද ලක්ෂ 54ක පමණ හිඟ විදුලි බිලක් තිබූ මෙම කර්මාන්ත ශාලාව වර්ත­මාන සභා­ප­තිගේ නාය­ක­ත්වය යටතේ, මාසි­කව ක්‍රියා­ත්මක කළ හැකි තත්ත්ව­ය­කට ගෙන ඒමට හැකි වී ඇත.

ඒ අනුව මෙම භූමියේ උප­රිම ඵල ප්‍රයෝ­ජන ලබා ගැනීම සඳහා ප්‍රාදේ­ශීය සභාව සමඟ එක්ව කට­යුතු කිරී­මට අපේක්ෂා කෙරෙන අතර, ආය­ත­නයේ දැනට පව­තින යන්ත්‍ර සූත්‍ර අලු­ත්වැ­ඩියා කිරී­මට ද සැල­සුම් කර තිබේ.

විශේ­ෂ­යෙන්ම, නීල­ගිරි චෛත්‍යය සඳහා මාසි­කව ගඩොල් 50,000ක් සපයා දීම මෙම කර්මාන්ත ශාලව මඟින් සිදු­වන අතර ටයිල්, ටෙරා­කොටා සහ බිම් ගඩොල් වැනි නිර්මාණ කිරී­මට ද හැකි­යාව පව­තියි.‍

තවද මූලික අවම ආයෝ­ජන සිදු කර, රාජ්‍ය-පෞද්ග­ලික දාය­ක­ත්වය යටතේ මේ කර්මාන්ත ශාලාව මහි­යං­ග­ණය ප්‍රදේ­ශ­යට ඵල­දායී භූමි භාග­යක් බවට පත් කිරීම වත්මන් රජයේ අපේ­ක්ෂා­වයි.

ඒ අනුව ඉදිරි මාස 06 ඇතු­ළත මහි­යං­ග­ණයේ ජන­තා­වට මේ කර්මාන්ත ශාලාවේ වර්ධ­න­යක් දැක­ගත හැකි­වනු ඇති බව නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මෙහිදී සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *