නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න චිත්‍රපට සංස්ථාවට දිගු පෝළිම්

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැමිණෙමින් සිටියි.

ඇගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබේ.

හෙළ සිනමාව සිය අද්විතීය රංගනයෙන් වර්ණගැන්වූ මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (24) අලුයම අභාවප්‍රාප්ත විය.

මිය යනවිට ඇය 78වන වියෙහි පසුවිය.

ඇගේ නිසල සිරුර ඊයේ පස්වරුවේ මාදිවෙල, අනුර මාවතේ පිහිටි ඇගේ නිවස වෙතද රැගෙන ගියේය.

නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පස්වරුවේ සිටම කලාකරුවන්, සිනමා අධ්‍යක්ෂකවරුන්, දේශපාලනඥයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් පැමිණියේය.

ඒ අනුව අද උදෑසන 8.30 දක්වා මාදිවෙල නිවසේ තැන්පත් කර තිබූ මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය, කොළඹ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාව දක්වා රැගෙන එනු ලැබීය.

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *