හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය මේ වන විට ඇය ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි
මේ වන විට ඇය සුව අතට පත්වෙමින් සිටින බව ද අප වෙත පවුලේ ඥාතීන් වැඩිදුරටත් පැවැසීය.