අයිතිකාරයෙක් තාමත් නැති මල්වානේ මැදුරේ හරක් පට්ටියක් දාන්න යයි

පසුගිය කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ සහ ඉඩම ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබාදෙන ලෙසට අධිකරණ අමාත්‍යංශයට ඉල්ලීමක් ලැබී තිබේ.

අධිකරණ තීන්දුවක් මගින් මල්වානේ දේපළ රාජසන්තක කර තිබෙන බැවින් මෙම ඉල්ලීම පිළිබඳ කෙසේ කටයුතු කළ හැකි දැයි සොයා බලන ලෙසට අමාත්‍යංශයේ නීති අංශයට මේ යෝජනාව යොමු කළ බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයට තීරණයක් ගත නොහැකි බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ගොවිපොළවල රාජකාරි සිදු කළ පශු සම්පත් නිලධාරියකු ගව ඝාතකාගාරවලින් වටිනාකම ගෙවා නිදහස් කරගන්නා කිරි දෙනුන්ට හා වැස්සියන්ට ආහාර හා ඖෂධ ලබා දී රැක බලාගැනීමට මල්වානේ නිවෙස සහ ඉඩම මෙසේ ඉල්ලා තිබේ.

අධිකරණ නියෝගයකින් රාජසන්තක කළ මල්වානේ ඉඩම සහ ගොඩනැගිල්ල ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සුදුසු අයුරින් පිහිටා තිබෙන බව එම ඉල්ලීම මගින් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *