ඉන්දියානු ප්‍රිමිය ලීගය මේ දිනවල ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත් වෙනවා.
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් බවට පත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයයි.
එය ඉතිහාසය වෙනස් කරන ලද තරගයක් බවට පත්වුණා.
මුම්බායි ඉන්දියන් පුහුණුකරුවන් වන කිරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග කතා බහ කරමින් සිටින ස්ථානයට හර්දික් පාණ්ඩ්‍යා පැමිණෙන අවස්ථාවක ලසිත් මාලිංග ඔහුගේ පුටුව ලබා දී එතැනින් පිටත්ව යන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.
ඉන්දීය ක්‍රීඩාලෝලීන් එම වීඩියෝව උපුටා දක්වා ඇත්තේ හර්දික් යනු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ගරු කරන්න දන්නේ නැති නායකයකු බවටයි.
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානය දිනාගත් කණ්ඩායම වන්නේද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
ඒ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය නිසයි.
කෙසේ නමුත් මුම්බායි කණ්ඩායමේ හිටපු නායකයා වන රෝහිත් සහ හර්දික් අතර සීතල යුද්ධයක් පවතින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මුම්බායි කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගයේදී රෝහිත් සහ හර්දික් රසිකයින් අතර ගැටුමක්ද ඇති වූ බවටයි වාර්තා වන්නේ.
Im the captain 💙 HARDIK 😎
— கீரிபுள்ள 2.0❤️🔥MSD 💛CSK 💛AMARAN🤓 (@ssv__remo) March 27, 2024
Give me my chair 🪑 #HardikPandya #pollard#malinga#SRHvMI #MIvsSRH pic.twitter.com/gixxZFj7Qn