ජනතාවට සහන දෙන්න මල්වතු විහාරයෙනුත් මිලියන 5ක්

ස්වාභාවික ආපදා තත්ත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව විසින් පසුගියදා පිහිටුවනු ලැබූ සමාජ සත්කාරක සේවා අරමුදල වෙනුවෙන් මල්වතු මහා විහාරය වෙතින් රුපියල් මිලියන පහක මූල්‍යාධාරයක් පිරිනැමීම මල්වතු මහා විහාරයේ මහා නායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ විසින් පසුගියදා (04දා) මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම සිදු කරන ලදී.

ඒ අනුව මල්වතු හා අස්ගිරි උභය මහා විහාර වෙතින් මෙම අරමුදල වෙත පරිත්‍යාග කොට ඇති මුළු මුදල රුපියල් මිලියන 10ක් වේ. (ලක්‍ෂ සියයකි.) මෙම අවස්ථාවට මල්වතු මහා විහාරීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *