ධන බද්ද හෙවත් මරාල බද්ද ලබන වසරේ සිට අය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පවතින ගැටලු විසඳා ගනිමින් බදු එකතු කිරීම සඳහා නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයද හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.