තමා දන්නා පරිදි, සමගි ජන බලවේගය 21 වැනිදා රැළියට සහභාගී නොවන බවට තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
කෙසේ නමුත්, පක්ෂයෙන් රැළියට යාමට තීරණයක් ගතහොත්, තමා එයට නොයාමට තීරණය කර ඇති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වඳ කොත්තු ගැන සිදු කළ චෝදනා, කොවිඩ් වසංගත කාලයේදී මුස්ලිම් මෘතදේහ පිළිස්සූ අයුරු ආදිය පිළිබඳව තමාට අමතක කළ නොහැකි බව ද, ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව එම රැළියට යාමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
උසාවියේ නඩු තිබෙන අයට සහ හිරේ යාමට ඔන්න මෙන්න සිටින අයට ලොකු හදිස්සියක් ඇති බවත්, නමුත් තමන්ට එවැනි හදිස්සියක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.