මේක පාස්කු ප්‍රහාරය වගේම අමානුෂිකයි, ආණ්ඩුවට අපරාධ නඩුවක් ගොනු කරනවා – එස්.එම්. මරික්කාර්

අයහපත් කාලගුණය සම්බන්ධයෙන් සිදු කළ අනතුරු ඇඟවීම් පිළිබඳ රජය සිය අවධානය යොමු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඒ අනුව, මෙම නොසලකා හැරීම් නිසා සිදු වූ හානිය පාස්කු ප්‍රහාරය මෙන්ම අමානුෂික බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන්, වත්මන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *