මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහ මොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කර ගෙන තිබෙනවා.
අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවයි.
අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහ මොළකරු එම පුද්ගලයා බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.