මාතර ඩිපෝවේ අබලන් වූ බස්රථ ප්‍රතිසංස්කරණය කොට නැවත ධාවනයට එක් කරයි

මාතර CTB ඩිපෝවට අයත් බස් රථ 06ක් නැවත ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනය කිරීම සඳහා අද (08) කටයුතු කරන ලදී.

මෙහිදි විශේෂයෙන් අවධානය යොමු කරන ලද්දේ සියලු දෙනාගේ සහයෝගයෙන් ඩිපෝව ගොඩනැගීමට අවශ්‍ය මැදිහත් වීමත්  වඩාත් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සැපයීමට අවශ්‍ය දායකත්වය ලබාදීමටත් ඒ තුළින් සියලු දෙනා දිරි ගැන්වීමත් බව පා.ම අජන්ත ගම්මැද්දගේ මහතා අවධාරණය කළේය.

එසේම මේ වෙනුවෙන් දායක උනු, කැප කිරීම් සිදුකළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බවද අජන්ත ගම්මැද්දගේ මහතා පැවසිය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි අජන්ත ගම්මැද්දගේ මහතා, මාතර නියෝජ්‍ය නගරාධිපති නිශාන්ත වික්‍රමරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම, ඩිපෝකළමනාකරු /ධාවන අධ්‍යක්ෂක, ඩිපෝ ඉංජිනේරු ප්‍රධානින් ඇතුළු කාර්මික නිලධාරීන් සියලු දෙනා මේ සඳහා සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *