කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා මේ වනවිටත් සත්කාරක අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු ද වන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයකු ගැන පුවතක් මෙරට ඉංග්‍රීසි වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවට අනුව තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා මෙවර 20-20 ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවටයි සඳහන් කර තිබෙන්නේ.
ඉන් අනතුරුව සිය පවුල සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ද සූදානමින් සිටින බවටත් ඒ සඳහා අවශ්‍ය කටයුතුද මේ වනවිටත් සූදානම් කර ඇති බවටත් එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.