මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොල ඉන්දියාවට සහ රුසියාවට ලබා දෙයි

ඉන්දියා හා රුසියානු සමාගම් දෙකකට මත්තල ගුවන්තොටුපොල කළමණාකාරීත්වය භාරදීමට කැබිනට් අනුමැතිය දී ඇත.

එ් අනුව වසර තිහක කාල සීමාවක් සඳහා මෙම ගුවන්තොටුපළේ කළමනාකාරීත්වය අදාළ සමාගම් දෙක වෙත පැවරීමට නියමිතව ඇත.

මෙම ගුවන් තොටුපළ සඳහා ආයතන පහක් විසින් අභිලාෂ ඉදිරිපත් කර තිබූ අතර ඉන් මෙම සමාගම් දෙක තෝරාගෙන ගෙන තිබේ.

මීට අදාළ වන කැබිනට් පත්‍රිකාව විෂය භාර ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *