මාවිල්ආරු ජලාශයේ බැම්ම ස්ථාන 13කින් බිඳී යයි

මාවිල්ආර ජලාශයේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් තිබේ.

මේ හේතුවෙන් ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන ලෙසට දැනුම් දී ඇත.

ඊයේ (29) රාත්‍රියේ සිටම මාවිල්ආරු ජලාශයේ බැම්ම අවදානම් මට්ටමේ පැවති නමුත්, අද (30) උදෑසන ස්ථාන 13කින් බැම්ම බිඳී ගොස් ඇතැයිද අද දෙරණ වාර්තාකරු පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වනවිට යුහුසුළුව අදාළ බිඳී යෑම් පිළිසකර කිරීමට කටයුතු කරමින් සිටියත් ජලාශයේ ජල මට්ටම වැඩි නිසා එම බිඳී ගිය ස්ථාන ඉතා ඉක්මනින් විශාල වන බවත් එය දරා ගත නොහැකි තත්ත්වයක් බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර ඇති අතර, ජනතාවට වහාම එම ස්ථානයට රැස්වෙන ලෙසට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *