McDonald’s අපේ නෙමෙයි – අබාන්ස් සමාගම කියයි

McDonald’s අපේ නෙමෙයි – අබාන්ස් කියයි

March, 27, 2024

Mcdonalds sri lanka Iri News

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි මෙරට මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබේ. පසුගිය දා කොළඹ වානිජ මහාධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම මෙහෙයුම් අත්හිටුවීම සිදුව ඇත.

මෙම මෙහෙයුම් අත්හිටුවීම හරහා McDonald’s අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පළවිය.

එසේ පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අබාන්ස් පීඑල්සී අවධාරණය කරන්නේ McDonald’s අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය තම සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බවයි.

McDonald’s අවන්හල් ජාලයේ මෙරට නියෝජිතත්වය ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම සතුව ඇති බවත් එහි ප්‍රධාන කොටස්කරුවා වන රුසි පෙස්ටොන්ජී මහතා එම සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 98.73% කට හිමිකම් කියනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එසේම රුසි පෙන්ටොන්ජි මහතා අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවද අදාළ නිවේදනය සඳහන් කරයි.

මේ අතර ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම අබාන්ස් පීඑල්සී හෝ එහි මව් සමාගම වන අබාන්ස් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ අනුබද්ධ සමාගමක් නොවන බවද මෙම නිවේදනය නිකුත් කරමින් අබාන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ සරොෂි ඩුබාෂ් මහත්මිය කියා සිටී.

ඡායාරූපය – මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලයේ මෙරට සිය බත්තරමුල්ල ශාඛාව වසා දමා තිබූ අයුරු

image 17 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *